පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව 70 වන නිදහස් දිනය සමරන ලදී. ආගමික සහ වාර්ගිකයන් වශයෙන් පෙළ ගැසී අපි විවිධ උත්සව සමරන නමුදු අපට අවශ්‍යවන්නේ  ජාති ආගම් භේද පසෙකලා එක් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්  වශයෙන් සැමදෙන එකට එක් වී  එක් උත්සවයක් සැමරීමටය. රටේ සමහර ප්‍රදේශ වල යම් යම් ආකාරයේ අසමගිකම් හේතු කොට ගෙන යම් ගැටළු පැන නැගී පවතින මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්සත්ව සිටීමේ වැදගත්කම අප සැමට මතක් කර දීමට සුදුසුම අවස්ථාව එළඹ ඇතැයි මදර් ශ්‍රී ලංකා සංවිධානයට අදහස්  වුනි. ඒ අනුව ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන සහ දියුණු රටක් බවට පත්වීමට  ශ්‍රී ලංකාව තුල පවතින ශක්‍යතාවය විශ්වාස කරන සංවිධානයක් වශයෙන් මදර් ශ්‍රී ලංකා ආයතනය 70 වන නිදහස් උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට ද  “ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය”  සහ මවුබිමට ආදරය කරමු” යනාදී සිතුවිලි ජනතාව තුල  පුබුදු  කිරීමට  වැඩසටහන් රාශියක් දියත් කරන ලදී.

මදර් ශ්‍රී ලංකා සංවිධානය,  අධ්‍යාපන අමාත්‍යංශයද   අනුග්‍රාහක ආයතනයන්ගේ ද සහයෝගයෙන් සහ ජනාධිපති කාර්යාලයේ සහ සංචාරක අමාත්‍යංශයේ ආශීර්වාදයෙන්  2017.සැප්තැම්බර් මස සිට නිදහස් දින සැමරුම සඳහා වැඩසටහන්  රැසක් ක්‍රියාත්මක කරන ලදී. මදර් ශ්‍රී ලංකා ආයතනය විසින්  70 වන නිදහස් දින සැමරුමට සමගාමිව “ මම වෙනස් වුනොත් රට වෙනස් වේ යන තේමාව යටතේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයක්ද  , දේශාභිමානී ගී යන තේමාව යටතේ   සමස්ත ලංකා පාසල් ගායනා තරඟයක්ද ,  දීප ව්‍යාප්ත සමරු සිහිවටන තරඟයක්ද    පවත්වන ලද අතර එහි සමාප්තිය වෙනුවෙන්   “ සෑම දෙයම ශ්‍රී ලංකිකයි” යන හැඟීම පුබුදුවන “ Love Sri Lanka Festival”  නමින් විදි උත්සවයක් පවත්වන ලදී.

ඉහත කි සෑම වැඩසටහනක්ම සමාප්ත කරමින් Love Sri Lanka Festival  යනුවෙන් අලංකාර උත්සවයක් පෙබරවාරි මස 3 වන දින  උදැසන 8.30.සිට රාත්‍රී 11. 00 තෙක් කොළඹ විහාරමහාදේවී  උද්‍යානයේ දී පවත්වන  ලදී.  උත්සවයේ සංක්ෂිප්තය පහත පරිදි වේ.

  • පෙ.ව. 8.30 වන විට සමස්ත ලංකා පාසල් ගයනා සහ නාට්‍ය තරඟය සඳහා සහභාගී වූ පළාත් නවයේ ජයග්‍රාහක කණ්ඩායම වල සමස්ත ලංකා ජයග්‍රාහකයන් තේරීමේ  විනිශ්චය කටයුතු ආරම්භ කරන ලදී
  • රාජ්‍ය මුදල් අමාත්‍ය   එරාන් වික්‍රමරත්න මහතාගේ සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන්  ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගයනා කිරීමෙන් පසු නිලවශයෙන් Love Sri Lanka උත්සවය පෙ.ව. 10.30 ට ආරම්භ කරන ලදී.
  • සමස්ත ලංකා පාසල් ගයන සහ නාට්‍ය තරඟයේ ජයග්‍රහකයින්ට සහ දීප ව්‍යාප්ත සමරු සිහිවටන තරගයේ ජයග්‍රහකයින්ට සම්මාන සහ ත්‍යාග ලබා දීමේ උත්සවය එදිනම සවස 5ට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමා , අනුග්‍රාහක භවතුන් සහ සුබ පතන්නන් ඇතුළු ගෞරවනීය අරධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය .
  • දිනයේ අවසාන වැඩසටහන ලෙස ‘Infinity’  සංගීත කණ්ඩායම මෙහෙයවන ලද සංගීත ප්‍රසංගයක් රාත්‍රී 8 සිට එළිමහන් රංග පීඨය තුල පවත්වන ලදී

පාසල් වලින් ඉදිරිපත් කල  නාට්‍යමගින් ජාතියක් වශයෙන් නැගී සිටීමට නම් අප තුල ,අප රට තුල  සිදු විය යුතු වෙනස පිළිබඳ ගැඹුරු  පණිවුඩයක් ඉතා   ආකර්ෂණීයව ඉදිරිපත්කරන ලදී. සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ගීත මතකයේ රැඳෙන සුළු සංවේදී ගී වූ අතර සමහර ගීත  සියලු ජාතීන් අතර සමගිය ඇති වීමේ අවශ්‍යතාවය  පිළිබඳව මැනවින් විදහා දක්වමින් ඉංග්‍රීසි, සිංහල සහ ද්‍රවිඩ යන භාෂා තුනෙන්ම ගායනා කරන ලදී.

අවසාන මහා තරගයේ ජයග්‍රාහකයන් පිලිබඳ තොරතුරු පහත පරිදි වේ.

පළාත් මට්ටමේ ජයග්‍රාහකයින්: නාට්‍ය අංශය : බස්නාහිර පළාත -මියුසියස් විද්‍යාලය -කොළඹ 7, දකුණු පළාත – අලපලාදෙණිය ද්විතීක  පාසල- දෙනියාය, සබරගමු පළාත – ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහාවිද්‍යාලය – බලන්ගොඩ, උතුරු පළාත – යුනියන් විද්‍යාලය- යාපනය, මධ්‍යම පළාත – නුගවෙල ආදර්ශ පාසල  සහ සිල්වෙස්ටර් විද්‍යාලය -නුවර , ඌව පළාත – මොණරාගල රාජකීය විද්‍යාලය, වයඹ පළාත – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, උතුරු මැද පළාත –  තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය

සංගීත අංශය : බස්නාහිර – හින්දු විද්‍යාලය- බම්බලපිටිය, දකුණු – මාතර මධ්‍ය මහා විද්‍යාලය , මාතර, සබරගමුව – ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහාවිද්‍යාලය, බලන්ගොඩ, උතුරු – හාර්ට්ලි විද්‍යාලය, යාපනය, මධ්‍යම  – ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර ඌව – මහානාම ජාතික පාසැල ,මොණරාගල , වයඹ – මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල, උතුරු මැද – තලාව මහා විද්‍යාලය සහ නැගෙනහිර – අභයපුර මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය

සමස්ත ලංකා ජයග්‍රාහකයින් – නාට්‍ය අංශය  1 – නුගවෙල ආදර්ශ පාසල, කටුගස්තොට, 2 – තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය , තඹුත්තේගම, 3 වන – කොළඹ මියුසියස් විද්‍යාලය. සමස්ත ලංකා ජයග්‍රාහකයින් – සංගීත අංශය 1 මාතර මධ්‍ය මහා විද්‍යාලය, 2. තලාව මහා විද්‍යාලය, තලාව ,3. හින්දු විද්‍යාලය- බම්බලපිටිය. සමරු සිහිවටන තරගය 1 පී. කේ. ජයන්තා ස්වර්ණලතා මිය  , කිරීඇල්ල, 2 සමන් රේණුක විජේසිරි මයා, මාතලේ, 3. එම්.බී.ප්‍රියානි. ගාල්ල

මෙම වැඩ සටහන ප්‍රධාන අනුග්‍රහය  දක්වන ලද්දේ  ජාතික ඉතිරි කිරීමේ බැංකුව වන අතර, මැගී, මන්චි වටවල,ලයිෆ්බෝයි, ඇස්ට්‍රා, සෙස්ටා ,රිට්ස්බරි,සමපෝෂ, නියුට්‍රිලයින් ප්‍රීමා ස්ටෙලා එලිෆන්ට්හවුස් සහ කීල්ස්‌ යන අනුග්‍රාහක ආයතන ද  මෙම  කර්තව්‍ය  සාර්ථකව නිම කිරීමට නොමද අනුග්‍රහයක් දක්වන ලදී.. Real FM, FM දෙරණ, ටිවී දෙරණ, පුල්ස්, ඇටෝම් මිඩියා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය දක්වන ලදී .

 

2008 වර්ෂයේදී පිහිටුවන ලද මදර් ශ්‍රී ලංකා  යනු මාතෘ භුමිය පිළිබඳව සුභවාදී  සිතුවිලි ජනතාව තුල ජනිත කරවීමේ අරමුණෙන්  රාජ්‍ය අංශයේ,  පෞද්ගලික අංශය සහ ලාභ නොලබන අංශයන්ගේ එකමුතුවෙන්  සුසැදි  ලාභ නොලබනසංවිධානයක් වන අතර එමගින්  ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සමාජ ,ආර්ථික සහ සංස්කෘතික දියුණුව වෙනුවෙන් කටයුතු සිදුකෙරේ . සමස්ත ලංකාවේම පාසල් 2600 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන මදර් ශ්‍රී ලංකා පාසල් සමාජයෙහි සාමාජිකත්වය ලබා සිටින සිසුවියන්  සංඛ්‍යාව   75000 කට අධික වන අතර  පෙර පාසල් 500 කට අධික සංඛ්‍යාවක් මදර් ශ්‍රී ලංකා හා අත්වැල් බැඳ සිටි.   මදර් ශ්‍රී ලංකාහි මුලික ඉලක්කය වන්නේ  මෙම ළමුන් සහ තරුණ ,වැඩිහිටි ප්‍රජාව තුල  වගකීම් සහගත පුරවැසියන්  යන සංකල්පය ඇති කිරීමය  .

 

තවද මෙම සංවිධානය මගින් තරුණ ප්‍රජාවගේ  ව්‍යවසායකත්ව හැකියාව,  නායකත්වය සහ කළමනාකරණ කුසලතාවන්  දියුණු කරමින් අනාගතයේ අප රට භාර ගැනීමට අවශ්‍ය පන්නරය ලබාදීමට කටයුතුකරයි.. තවද මදර් ශ්‍රී ලංකා දේශාභිමානී සමරු සිහිවටන එකතුව Patriot Collection of Sri Lanka souvenirs, ජීවන උපාය සැලසීමේ වැඩ සටහන යටතේ ස්‌වයං රැකියාවේ නියුතු පුද්ගලයින් 30 පමණ ප්‍රමාණයකට තම ජීවනෝපාය දියුණු කරගැනීමට  අවශ්‍ය අතහිත ලබා දි ඇත.